1. රුපියල් විස්සකට ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න???
ඔයාලට දැන් හිතේ හැටියට ෆිල්ම්ස්, ගේම්ස්, වගේ ගොඩක් දේවල් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්, ඉතා සුළු මුදලකට..... නියමයි නේද?
හැබැයි මේ සුපිරි අත්දැකීම ගන්න පුළුවන් වෙන්නෙ Dialog පාරිභෝගිකයින්ට විතරයි. Dialog වෙතින් හඳුන්වාදෙන Prepaid Data Plans වල Time Based Internet Package වලින් හිතේ හැටියට අපිට ඕනෙ දෙයක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේකෙ අය කරන්නෙ ඔයාල ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාව අනුව විතරයි. ඔයාලට කරන්න තියෙන්නෙ #678# Dial කරලා Mobile Broadband Select කරන්න. ඊට පස්සෙ එන මෙනු එකෙන් Time Based Mobile Broadband select කරන්න.
Shortcut - #678#5#1#
එතකොට ඔයාලට ඒවි එක එක ගණන් වලට Internet Packages. ඒවයින් ඔයාල කැමති එකක් Select කරන්න.
SMS එකකින් Activate කරගන්න නම්, KBB 20 type කරලා 678 ට Send කරන්න.
*KBB 20 = Rs. 20/- Package
1. Rs. 20/- ( මිනිත්තු 30 - වලංගු කාලය දින 1 යි)
2. Rs. 50/- ( මිනිත්තු 120/ පැය 2 - වලංගු කාලය දින 3 යි)
3. Rs. 100/- ( පැය 5 - වලංගු කාලය දින 5 යි)
4. Rs. 200/- ( පැය 12 - වලංගු කාලය දින 5 යි)
5. Rs. 400/- ( පැය 24 - වලංගු කාලය දින 7 යි)
2. Torrent Files Download කරන හැටි
චිත්‍රපට සහ මෘදුකාංග වැනි විශාල ෆයිල්ස් ඉක්මනින් ඩවුන්ලෝඩ් කරන්නට තිබෙන හොඳම ක්‍රමය ඒවා ටොරන්ට් වශයෙන් ඩවුන්ලෝඩ් කිරීමයි.
ඉතා අඩු ධාරිතාවක් ඇති පරිගණකයකින්, ඉතා අඩු වේගයක් ඇති ඉන්ටර්නෙට් සබඳතාවක් ඔස්සේ වුවත් වේගයෙන් ඩවුන්ලෝඩ් වෙන මේ ඩිජිටල් ෆයිල් ෆෝර්මැට් එකද ටොරන්ට් ය. එනම් ඒවා .torrent ෆයිල් එක්ස්ටෙන්ෂන් එක ඇති ඒවා ය.
මේ සඳහා මුලින්ම පරිගණකයට ටොරන්ට් ක්ලයන්ට් කියා හඳුන්වන වැඩසටහනක් ඉන්ස්ටෝල් කරගත යුතුය. ඉන්පසු තමාට අවශ්‍ය මෘදුකාංගය හෝ චිත්‍රපටය හෝ වෙනත් ඕනෑම ටොරන්ට් ෆයිල් එකක් හෝ ටොරන්ට් සර්ච් එන්ජිමක් හරහා සොයාගත යුතුය.අනතුරුව එය ඩවුන්ලෝඩ් කරගත යුතුය. මෙම ටොරන්ට් ෆයිල් එක හුදෙක් ඩවුන්ලෝඩ් ලින්ක් එකක් පමණි. එය ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකට ඩ්‍රැග් කොට දැමිය යුතුය. එතැන් පටන් එම ටොරන්ට් ෆයිල් එකට අදාළ මෘදුකාංගය හෝ චිත්‍රපටය හෝ ඩවුන්ලෝඩ් වීම ඇරඹේ.
දැන් මේ ඩවුන්ලෝඩ් වීමට අන්තර්ජාල වේගය බලපාන්නේ නැත. අන්තර්ජාල සම්බන්ධය විසන්ධිවීම හෝ පරිගණකය ෂට්ඩවුන් කිරීම බලපාන්නේ නැත. අද ඩවුන්ලෝඩ් වෙමින් තිබියදී පරිගණකය වසා දැමුවහොත් නැවත් කවදා හෝ පරිගණකය ක්‍රියාත්මක කොට අන්තර්ජාල සම්බන්ධතාව ලබා දුන් විට ඩවුන්ලෝඩ් වීම නැවත ඇරඹේ. ඒ කලින් ඩවුන්ලෝඩ් වීම නැවතුණු තැන සිටය.
අන්තර්ජාලයෙන් ටොරන්ට් ෆයිල් සෙවීමට ටොරන්ට් සර්ච් එන්ජින් එකක් භාවිතා කළ යුතුය. ටොරන්ට් සර්ච් එන්ජින් එකක් යනු , ටොරන්ට් ෆයිල් සෙවීම සඳහාම සකස් කර ඇති සර්ච් එන්ජින් ය.
ඉතා ජනප්‍රිය ටොරන්ට් සර්ච් එන්ජින් කිහිපයක්,
- THEPIRATEBAY.ORG
- TORRENTZ.COM
- SEEDPER.COM
- WWW.YOURBITTORRENT.COM
- ISOHUNT.COM
- TORRENTTREE.COM
- TORRENTPOND.COM
ඔයාලට මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් පහළින් Comment එකක් දාන්න. නැත්නම් මට ඊ-මේල් එකක් එවන්න.
No comments:
Post a Comment